Watch : තරගය අතරතුර දී ක්‍රීඩාංගනයට කඩා වැදුණු අනාරාධිත අමුත්තා

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී දුර්ලභ සිදු වීමක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින්ට අද (31) අවස්ථාව උදා වුණා.

ඒ, තරගය අතරතුර දී ක්‍රීඩාංගනය තුළට ගැරඩියෙකු කඩා වැදීමයි. මේ හේතුවෙන් තරගය මිනිත්තු කිහිපයකට නතර කිරීමට ද සිදු වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පස්වරු 3ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 180 ක් ලබා ගනිමින්.

ශෙවෝන් ඩැනියල් ලකුණු 33(26) ක් රැස් කළා. භානුක රාජපක්ෂ ලකුණු 48 ක් රැස් කළේ පන්දු 34 කින්. ඉනිමට සුපිරි අවසානයක් හිමි කර දුන් දසුන් ශානක පන්දු 21 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 42 ක්.

දඹුලු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉනිමේ සිව්වැනි පන්දුවාරය අවසන් වීමෙන් පසුවයි ගැරඩියෙකු ක්‍රීඩාංගනය තුළට කඩා වැදුණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

https://twitter.com/cricday96/status/1685984437107093505

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...