Watch : ගාලු නායක දසුන් පිටිය සිසාරා ගහපු සුපිරි පහරවල් මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී වේගවත් ඉනිමක නිරත වීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක අද (31) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 180 ක් ලබා ගනිමින්.

හයේ පහර හා හතරේ පහර දෙක බැගින් එල්ල කරමින් ශෙවෝන් ඩැනියල් ලකුණු 33(26) ක් රැස් කළා. භානුක රාජපක්ෂ ලකුණු 48 ක් රැස් කළේ පන්දු 34 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඉනිමට සුපිරි අවසානයක් හිමි කර දුන් දසුන් ශානක පන්දු 21 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 42 ක්. ඔහුගේ ඉනිම හයේ පහර 4 කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුණා.

දසුන්ගේ ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...