Watch : තරගයේ තීරණය උඩු යටිකුරු කළ දැවී යාම හා ශන්තෝගේ කේන්තිය

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශ පිතිකරු නජ්මුල් හොසේන් ශන්තෝගේ දුවද්දී දැවී යාම තරගයේ තීරණාත්මක සංධිස්ථානයක් බවට පත් වුණා.

බංග්ලාදේශය කඩුල්ලක් දැවී ලකුණු 100 ක් ලබා ස්ථාවර මට්ටමක පසුවන අවස්ථාවකයි ශන්තෝ එලෙස ලකුණු 23 කට දැවී ගියේ.

අනතුරුව බංග්ලාදේශ ඉනිම බිද වැටුණු අතර, ඔවුන්ගේ ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 5 ක් තුළ බිද වැටුණා.

දෙවන ලකුණක් කරා පැති මාරු කර ගැනීමට යාමේදී ශන්තෝ දුවද්දී දැවී යන විට අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටියේ ටන්සිඩ් හසාන්.

ඔවුන් දෙදෙනා එම දැවී යාමට පෙර ද එක් අවස්ථාවක ලකුණු දෙකක් වෙනුවෙන් පැති මාරු කර ගැනීමට උත්සාහ දැරූ නමුත්, එම අවස්ථාවේදී ටන්සිඩ් හසාන් එය ප්‍රතික්ෂේප කළා. නමුත් එහිදී ශන්තෝ විසින් ඊට දැඩි විරෝධයක් පල කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...