Watch : ඩී කොක් අසරණ කළ ෂාමිගේ සුපිරි පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද(28) රාත්‍රී 7.30ට මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, අයි.පී.එල් තරග පිටියට අලුතින් එක් වූ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

මෙම තරගය සදහා ලක්නව් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද ක්‍රීඩා කරනු ලබනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ලක්නව් පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට මොහොමඩ් ෂාමි ප්‍රමුඛ ගුජරාට් පන්දු යවන්නන් සමත් වුණා.

ඉනිමේ පළමු පන්දුවෙන්ම කේ.එල් රාහුල් දවා ගැනීමට ෂාමි සමත් වූ අතර, ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 7කට දැවී ගියේ ද ෂාමිගේ පන්දුවක් හමුවේයි.(දර්ශන පහතින්)

මොහොමඩ් ෂාමි සිය පළමු පන්දුවාර 3 නිමා කළේ ලකුණු 10ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...