එංගලන්තය පරදා කොදෙව්වන් ටෙස්ට් තරගාවලිය ජය ගනියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කොදෙව්වන් කඩුලු 10ක ජයක් ලැබීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 28ක් හඹා ගිය කොදෙව්වන් තරගයේ සිව්වැනි දිනයේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදී යි.

දිනය ආරම්භ කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 103ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 120ක් පමණයි.

ඇලෙක්ස් ලීස් ලකුණු 31ක් ලබා ගත්තා. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 22යි. ක්‍රිස් වෝක්ස් ලකුණු 19කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ක්යල් මේයර්ස් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත් අතර, කෙමාර් රෝච් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කළා. පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 297ක්.

තරගයේ වීරයා ලෙස කොදෙව් පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ ජොෂුවා ද සිල්වා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...