Watch : ඩිවාල්ඩ් බ්‍රේවිස් මුහුණ දුන් පන්දු හයෙන් පහක්ම හයේ සීමාවෙන් එළියේ

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේ දී සුවිශේෂී පිතිහරඹයක නිරත වීමට ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු යොවුන් පිතිකරු ඩිවාල්ඩ් බ්‍රේවිස් අද(22) සමත් වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශාන්ත කිට්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 163 ක් ලබා ගත්තා.

ශෙර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 50 කින් ලකුණු 78 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 6 ක් සමගින්. ඩැරන් බ්‍රාවෝ ලකුණු 23 යි.

“බේබි ඒ බී” නමින් ප්‍රසිද්ධියට පත් ඩිවාල්ඩ් බ්‍රේවිස් පන්දු 6 කට පමණක් මුහුණ දී වේගවත් ලකුණු 30 ක් නොදැවී ලබා ගැනීම කැපී පෙනුණා.

19 හැවිරිදි ඔහුගේ ලකුණු 30 හයේ පහර 5කින් වාර්තා වීම විශේෂත්වයක්. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී Daryn Dupavillon ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායමට කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමට ලකුණු 7 ක ජයක් හිමි වුණා.

https://twitter.com/cric12222/status/1572999091667480583

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...