Watch : ටන්සිම් හසාන් මංගල තරගයේ දී ම ඉන්දීය මුල්පෙල වැනසූ හැටි

Date:

මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ අවසන් තරගයේ දී ඉන්දීය ඉනිමේ පළමු කඩුලු දෙක අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින් සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසාන් සකිබ් අද(15) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 265 ක් රැස් කළා.

ඉන්දීය පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා ලකුණු නොලබා දැවී ගියේ ඉනිමේ දෙවැනි නීත්‍යානුකූල පන්දුවේ දී යි.

අනතුරුව මෙම තරගයේ දී එක්දින වරම් දිනූ තිලක් වර්මා ලකුණු 5 කට දැවී ගියා. ඒ, නිදැල්ලේ යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

මෙම කඩුලු දෙකම දවා ගත්තේ මෙම තරගයේ දී එක්දින වරම් දිනූ ටන්සිම් හසාන් සකිබ් විසින්.

එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...