තියුණු සටනකින් පසු ඉන්දියාව පරදා බංග්ලාදේශයට ලකුණු 6 ක ජයක්

Date:

ශකිබ් අල් හසාන්ගේ සටන්කාමී ඉනිම හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ෂුබ්මන් ගිල්ගේ සුපිරි ශතකය අපතේ යවමින් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය ජයග්‍රහනයකින් අවසන් කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(15) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 265 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 259 ක් පමණයි. ඒ අනුව බංග්ලාදේශයට ලකුණු 6ක තියුණු ජයක් හිමි වුණා.

ෂුබ්මන් ගිල් පන්දු 133 කින් ලකුණු 121 ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 8 ක් ඇතුළත් වුණා.

සූර්යකුමාර් යාදව් ලකුණු 26 ක් ද, කේ එල් රාහුල් ලකුණු 19 ක් ද ලබා සිටියදී දැවී ගියා. අක්සාර් පටෙල් පන්දු 34 කින් ලකුණු 42 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් 49 වැනි පන්දුවාරයේ දී ඔහු දැවී යාමත් සමග එය අසාර්ථක වුණා. ශර්දුල් තාකූර් ලකුණු 11 යි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 3 ක් දවා ගත් අතර, ටන්සිම් හසාන් සකිබ් හා මහෙදි හසාන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

© Getty Images

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් මුල් පෙල පිතිකරුවන්ගෙන් සාර්ථක දායකත්වයක් නොලැබුණු පසුබිමක ශකිබ් අල් හසාන් පන්දු 85 කින් ලකුණු 80 ක් රැස් කරමින් සිය කණ්ඩායම ස්ථාවර කිරීමට සමත් වුණා. හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

තව්හිද් හ්රිදෝයි ලකුණු 54 ක් ද, නසුම් අහ්මඩ් ලකුණු 44 ක් ද ලබා ගනිමින් බංග්ලාදේශය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් කඩුලු 3 ක් හා මොහමඩ් ෂාමි කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...