Watch : ජොෂ් බ්‍රවුන්ගෙන් පන්දු 57 කින් ලකුණු 140 ක් – වාර්තා වූ දැවැන්ත හයේ පහර 12 මෙන්න

Date:

මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ Challenger තරගයේ දී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කිරීමට Brisbane Heat කණ්ඩායමේ ආරම්භක පිතිකරු Josh Brown අද(22) සමත් වුණා.

මෙම තරගයේ දී Brisbane Heat කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ Adelaide Strikers කණ්ඩායමයි.

Josh Brown මෙම තරගයේ දී පන්දු 57 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 140 ක්. හයේ පහර 12 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ 245.61 ක් ලෙසයි. බ්‍රවුන් සිය ශතකය වාර්තා කළේ පන්දු 41 ක් පමණක් වැය කරමින් වීම ද කැපී පෙනුණා.

BBL ඉතිහාසයේ දී පිතිකරුවෙකු වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ බ්‍රවන් අද වාර්තා කළ ලකුණු 140 යි.

Carrara හී දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් Brisbane Heat කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 214 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...