Watch : චෙන්නායි ඉනිමේ වැදගත්ම කඩුල්ල වූ කොන්වේ වනිදුට ගොදුරු වූ හැටි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය 16 වැනි කඩුල්ල දවා ගැනීමට අද(4) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 49 වැනි තරගයේ දී යි.

එම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලෝර් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 13ක ජයක් හිමි වුණා.

චෙන්නායි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 56ක් ලබා ගත් ඩෙවෝන් කොන්වේ.

ඔහුගේ කඩුල්ල දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.

වනිදු මෙම තරගයේ දී පන්දුවාර 3ක් පමණක් යොමු කරමින් ලකුණු 31කට එක් කඩුල්ලක් දවා ගත්තා.

එම කඩුල්ල පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...