Watch : ගුවනේ පියඹා ගොස් පිලිප්ස් රැක ගත් තරගාවලියේ සුපිරිම උඩ පන්දුව මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය ආරම්භ කරමින් පළමු තරගය අද(22) මෙරට වේලාවෙන් දහවල් 12.30ට සත්කාරක ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සිඩ්නි හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දීමටයි තීරණය කළේ.

එම තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වූ නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 200 ක් ලබා ගනිමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ පන්දු 58 කින් නොදැවී ලකුණු 92 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7 ක් ද සමගින්.

ෆින් ඇලන් ලකුණු 42 යි. පන්දු 16 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී සුපිරි උඩ පන්දු රැක ගැනීමක් ප්‍රදර්ශනය කිරීමට නවසීලන්තයේ ග්ලේන් පිලිප්ස් සමත් වුණා.

මිචෙල් සැන්ට්නර් යොමු කළ පන්දුවක් හමුවේ මර්කස් ස්ටොයිනිස් ලකුණු 7කට දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

මෙවර තරගාවලියේ මෙතෙක් දුටු දක්ෂතම උඩ පන්දු රැක ගැනීම එය බව පැවසීම අතිශයෝක්තියක්නම් නොවේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...