කොන්වේ, ෆින්, සවුති හා සැන්ට්නර් ඔස්ට්‍රේලියාවට පළමු තරගයෙන් දරුණු පරාජයක් හිමි කර දෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග ආරම්භ කරමින් අද (22) පැවැති පළමු තරගයෙන් සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදා ලකුණු 89 විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 200 ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාවට දැවැන්ත හඹා යාමක් වෙනුවෙන් ආරාධනා කළ නමුත්, ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට පන්දුවාර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි.

නවසීලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව සීමිත පන්දුවාර තරගයක් ජය ගත්තේ 2009 වසරෙන් පසුව වීම ද විශේෂත්වයක්.

අද තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ පන්දු 58 කින් නොදැවී ලකුණු 92 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7 ක් ද සමගින්.

ෆින් ඇලන් ලකුණු 42 යි. පන්දු 16 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනා අතර පන්දු 25 කින් වාර්තා වූ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය සටහන් වුණේ ලකුණු 56 ක් ලෙසයි.

කේන් විලියම්සන් ලකුණු 23(23) ක් හා ජේම්ස් නීෂම් නොදැවී ලකුණු 26(13) ක් රැස් කළා. පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් ලකුණු 41 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 20 කින් ලකුණු 28 ක් ලබා ගත්තා. පැට් කමින්ස් ලකුණු 21 ක් ද, මිචෙල් මාෂ් ලකුණු 16 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 6ක කට කඩුලු 3 ක් ද, මිචෙල් සැන්ට්නර් ලකුණු 31 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...