මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී බිද හෙලූ 14 වැනි කඩුල්ල දවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(30) සමත් වුණා.
ඒ, මෙවර තරග වාරයේ 43 වැනි තරගයේ දී යි.
මෙම තරගයේ දී බැංගලෝර් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තා.
විරාට් කෝලි ලකුණු 58ක් ද , රාජත් පටිදාර් ලකුණු 52ක් ද වාර්තා කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබතාවය ලකුණු 51කට සීමා කිරීමට වනිදු හසරංග සමත් වුණා.
ඒ, ව්රිධිමන් සහාගේ කඩුල්ල සිය පළමු පන්දුවාරයෙන්ම දවා ගනිමින්.
ව්රිධිමන් සහා පන්දු 22කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 29ක්.
එම කඩුල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න –
https://twitter.com/cric12222/status/1520387850008621056

