Watch : කෝලිව දවා ගත් ෂාමිගේ සුපිරි යෝකර් පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගය අද(30) පස්වරුවේදී මුම්බායි හි Brabourne ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

තරඟයේ කාසිය වාසිය දිනු බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙවර තරගාවලියේ දී කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව කණ්ඩායමක් පිතිකරණයේ නිරත වීමට තීරණය කළ දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගත්තා.

මෙම තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ පිතිකරුවා වූයේ විරාට් කෝලි.

මෙවර තරගවාරයේ දී එතරම් ඉහළ දක්ෂතා දැක්වීමට ඔහුට නොහැකි වීම ඊට හේතුවයි.

කෙසේ වෙතත්, මෙම තරගයේ දී කෝලි මෙවර තරග වාරයේ දී ඔහු වාර්තා කළ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු 53කින් වාර්තා වූ ඔහුගේ ලකුණු 58ට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

කෝලි දැවී ගියේ මොහොමඩ් ෂාමි යොමු කළ සුපිරි යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

https://twitter.com/cric12222/status/1520368092513071104

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...