Watch : ගුජරාට් අසරණ කළ භානුකගේ සුපිරි ඉනිම – 40(28)

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයෙකු ලෙස පංජාබ් කිංග්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ හැදින්විය හැකියි.

තරගාවලිය ආරම්භයේ සිටම තමාට ලද බොහෝ අවස්ථාවලදී සාර්ථකව කණ්ඩායම වෙනුවෙන් ඉහළම දායකත්වයක් දැක්වීමට භානුකට හැකි වුණා.

අද(3) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ දී ද විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට භානුක සමත් වුණේ තරගය ජය ගැනීම සදහා පංජාබ් කණ්ඩායමට අවශ්‍ය මග ද සකස් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම මෙම තරගයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ දී කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ, ශිකර් ධවාන්ගේ නොදැවුණු ලකුණු 62න් ද ශක්තිමත් වෙමින්.

පංජාබ් ඉනිම ශක්තිමත් කළ භානුක රාජපක්ෂ පන්දු 28කින් ලකුණු 40ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

https://twitter.com/cric12222/status/1521548035020701701

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...