Watch : ගිලිහී ගිය ක්‍රිකට් ඉතිහාසයේ පහසුම දුවද්දී දවා ගැනීමේ අවස්ථාව මෙන්න

Date:

ක්‍රිකට් ඉතිහාසයේ කිසිදා දැකිය නොහැකි තරමේ විරල හා හාස්‍යජනක සිදු වීමකට අදාළ වීඩියෝවක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

Maharashtra Premier League තරගාවලියේ Eliminator තරගය Raigad Royals හා Kolhapur Tuskers අතර පැවැති අතර, එම තරගයේදීයි මෙම සිදුවීම දැක ගත හැකි වුණේ.

පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු දෙකක් කරා පැති මාරු කර ගනිමින් සිටි අතර, දෙවන ලකුණ කරා දුවමින් සිටියදී පිතිකරුවන් දෙදෙනා එකිනෙකා ගැටීමක් සිදු වුණා.

අනතුරුව ඔවුන් දෙදෙනාම බිම ඇද වැටීම නිසා පහසුවෙන්ම දුවද්දී දවා ගැනීමක් ලබා ගැනීමට පන්දු යවන කණ්ඩායමට අවස්ථාව උදා වුණා.

නමුත්, කඩුලු රකින්නා විසින් සිය අන්තයේ කඩුල්ල බිද නොදමා පන්දුව පන්දු යවන අන්තයට යොමු කළ අතර, එහිදී පන්දු යවන්නට පන්දුව නිසි පරිදි ග්‍රහනය කර ගැනීමට නොහැකි වනවා.

පසුව රාහුල් ත්‍රිපාති විසින් පන්දුව රැක ගෙන පිතිකරණ අන්තයේ කඩුල්ල වෙත පන්දුව විසි කළ නමුත්, එම කඩුල්ලේ ද පන්දුව නොවැදීම නිසා පිතිකරුවන් දෙදෙනාම තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...