Watch : ගයික්වඩ් ලකුණු 99ට දැවී ගිය හැටි

Date:

සිය දෙවැනි අයි.පී.එල් ශතකය වාර්තා කිරීමේ අවස්ථාව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වඩ්ට අද(1)අහිමි වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 46 වැනි තරගයේ දී ලකුණු 99කට දැවී යාම හේතුවෙන්.

මෙම තරගයේ දී චෙන්නායි කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

පූනේ හී දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව චෙන්නායි පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 2ක් දැවී ලකුණු 202ක් රැස් කරමින්.

පළමු කඩුල්ල සදහා ගයික්වඩ් හා ඩෙවෝන් කොන්වේ පන්දුවාර 17.5ක් තුළ ගොඩ නැගූ සබදතාවය ලකුණු 182ක්.

රුටුරාජ් ගයික්වඩ් පන්දු 57කින් හයේ පහර 6ක් හා හතරේ පහර 6ක් සමගින් ලකුණු 99ක් ලබා සිටියදී දැවී ගියේ ටී නටරාජන්ගේ පන්දුවක් හමුවේ බුවනේෂ්වර් කුමාර් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...