Watch : කෝලි එක් ලකුණකට දවා ගත් ටයිජුල්ගේ සුපිරි දග පන්දුව

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(14) Chattogram හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 48 දී බිද වැටුණා.

ෂුබ්මන් ගිල් ලකුණු 20 කට දැවී ගිය අතර, නායක කේ එල් රාහුල් ලකුණු 22 ක් රැස් කළා. විරාට් කෝලි පන්දු 5 කින් වාර්තා කළේ එක් ලකුණක් පමණයි.

කෝලි දැවී ගියේ ටයිජුල් ඉස්ලාම් යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්. (දර්ශන පහතින් නරඹන්න)

මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Zakir Hasan ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

කුල්දීප් යාදව්, ආර් අශ්වින් හා අක්සාර් පටෙල් යන දග පන්දු යවන්නන් තිදෙනා මෙම තරගය සදහා ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

https://twitter.com/damnharris/status/1602893823956467713

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...