චන්දිමාල්, අසලංක හා බොපාරාගේ දක්ෂතා හමුවේ කලම්බු ස්ටාර්ස් පිලෙන් සුපිරි හඹා යාමක්

Date:

දිනේෂ් චන්දිමාල්ගේ වේගවත් ඉනිමත්, චරිත් අසලංක, රවී බොපාරා, බෙනී හවෙල් හා සීක්කුගේ ප්‍රසන්න පිත්තෙන් දැක් වූ දක්ෂතාත් හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අද(13) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 194 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ස්ටාර්ස් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී තරගයේ ජය තහවුරු කර ගත්තේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 2 කට දැවී ගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පන්දු 58 කින් ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට දිනේෂ් චන්දිමාල් හා චරිත් අසලංක සමත් වුණා.

වේගවත් ඉනිමක් දියත් කළ චන්දිමාල් පන්දු 33 කින් ලකුණු 63 ක් රැස් කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අසංලක පන්දු 38 කින් ලකුණු 46 ක් ලබා ගත්තා. ඩොමිනික් ඩ්‍රෙක්ස් ලකුණු නොලබාත්, බෙනී හවෙල් ලකුණු 22(9)කටත්, නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 7කටත් දැවී ගියා.

සීක්කුගේ ප්‍රසන්න හයේ පහර 2 ක් සමගින් පන්දු 6 කින් ලබා ගත් ලකුණු ප්‍රමාණය 14ක්. රවී බොපාරා පන්දු 12 කින් නොදැවී ලකුණු 31 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් පන්දුවේ දී ජයග්‍රහනය කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අන්වර් අලී ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ගාලු පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 193 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

කුසල් මෙන්ඩිස් පන්දු 49 කින් ලකුණු 72 ක් රැස් කළ අතර, අසාඩ් ශෆික් පන්දු 33 කින් ලකුණු 58 ක් ලබා ගත්තා. තනුක දාබරේ ලකුණු 33(22) යි. ලහිරු උදාර ලකුණු 24 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත් අතර, කසුන් රාජිත හා සීක්කුගේ ප්‍රසන්න කඩුල්ල බැගින් බිද හෙලුවා.

මේ වන විට ස්ටාර්ස් කණ්ඩායම තරග 5 කින් තරග 2 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටින අතර, ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග 5 කින් තරග 2 ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...