Watch : කුසල්ගේ සුපිරි ඉනිම හමුවේ MI කණ්ඩායමට විශිෂ්ඨ ජයක් – මීටර් 107 ක් දිග හයේ පහර මෙන්න

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට MI Emirates කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා අද(28) සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Abu Dhabi Knight Riders කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Abu Dhabi Knight Riders කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 188 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ MI Emirates කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ අනුව මෙම තරගයෙන් කඩුලු අටක ජයක් MI Emirates කණ්ඩායම සතු වුණා.

MI Emirates ඉනිම වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 26 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 54 ක්. හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. එක් හයේ පහරක් මීටර් 107 ක් දුරට එල්ල කිරීමට ද කුසල් සමත් වීම කැපී පෙනුණා. (දර්ශන පහතින්)

Muhammad Waseem පන්දු 62 කින් නොදැවී ලකුණු 89 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...