U19 CWC : ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා යොවුන් පිල පරදියි

Date:

2024 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අදින් (28) අවසන් වුණේ තරගාවලියේ 24 වැනි තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු හයක ජයක් ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

Bloemfontein හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයින් පන්දුවාර 48.5 ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගයේ දී දිනුර කලුපහන ලකුණු 64(78) ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්. රවිෂාන් ද සිල්වා ලකුණු 30 යි.

පන්දු යැවීමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Callum Vidler ලකුණු 28 කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිමේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ Ryan Hicks. ඔහු නොදැවී ලකුණු 77 ක් ලබා ගත් අතර, Harry Dixon ලකුණු 49 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශ්ව ලහිරු ලකුණු 24 කට කඩුලු දෙකක් දවා ගත්තා.

අද තරගයෙන් පරාජයට පත් වුවද තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් වුණා.

මේ අතර, අද පැවැති තරගාවලියේ 23 වැනි තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පරදා ලකුණු 201 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...