Watch : කැමරාවකට විරෝධය පල කර ස්ටුවට් බ්‍රෝඩ් පන්දුවක් යැවීම නතර කරයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් කැමරාවක් චලනය වීමට එරෙහිව අද(15) සිය නොසතුට පල කරනු ලැබුවා.

ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ 63 වන පන්දුවාරයේ දී යි.

හෝබාර්ට්හි පැවැත්වෙන මෙම තරගය අද දිනට ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියා.

ස්ටුවට් බ්‍රෝඩ් විසින් මිචෙල් ස්ටක්ට අද පෙරවරුවේ පන්දුවක් යොමු කිරීම සදහා දිව එන අතරතුර දී යි පිතිකරුවාට පිටුපසින් කැමරාවක් චලනය වීම හේතුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් සිය නොසතුට පල කරනු ලැබුවේ.

පන්දුව යොමු කිරීම සදහා දිව ආ ඔහු විනිසුරු අසලට පැමිණ නතර වූ අතර, අනතුරුව ස්ටුවට් බ්‍රෝඩ් විසින් එය චලනය කිරීම නතර කරන ලෙසට උස් හඩින් සදහන් කර සිටියා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...