දෙවැනි දිනයේ දී කඩුලු 17ක් බිද වැටෙද්දී තරගයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් තරගයේ දෙවන දිනය අද(15) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 37ක්.

පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය ඩේවිඩ් වෝනර් දෙවැනි ඉනිමේ දී ද ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ස්ටුවට් බ්‍රෝඩ් සමත් වුණා.

ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමු‍වේ මර්නස් ලබුෂේන් ලකුණු 5කට දැවී ගිය අතර, උස්මාන් කවාජා ලකුණු 11කට දැවී ගියේ මාර්ක් වුඩ් යොමු කළ පන්දුවක් හමුවේයි.

ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 17ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

හෝබාර්ට්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පස්වැනි තරගයේ දෙවැනි දිනය සදහා තරගය අද ආරම්භ කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියා.

ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 303කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණේ ස්ටුවට් බ්‍රෝඩ් හා මාර්ක් වුඩ් කඩුලු 3 බැගින් දවා ගනිමින් දැක් වූ දක්ෂතාවය පදනම් කර ගනිමින්.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 101ක් හා කැමරන් ග්‍රීන් ලකුණු 74ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 188ක් පමණයි.

ක්‍රිස් වෝක්ස් ලකුණු 36ක් ද, නායක ජෝ රූට් ලකුණු 34ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 4 ක් හා මිචෙල් ස්ටක් කඩුලු 3 ක් බිද හෙලීමට සමත් වුණා.

අද දිනය තුළ දී පමණක් කඩුලු 17ක් බිද වැටීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 152 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...