Watch : කැඩ්මෝර් දවා ගත් ලහිරුගේ සුපිරි වේග පන්දුව

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 හෙවත් ජාත්‍යන්තර 20යි 20 ලීගයේ 19 වැනි තරගයේ දී අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා.

ඩුබායි හී දී පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සාජා වොරියර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාජා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගැනීම කැපී පෙනුණා. ධනංජය ද සිල්වා ලකුණු 25 කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ලහිරු කුමාර විසින් ටොම් කොහ්ල කැඩ්මෝර් දවා ගත් අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...