රෝයිගේ වේගවත් ශතකය අපතේ යවමින් දකුණු අප්‍රිකාවට ලකුණු 27 ක පෙරළිකාර ජයක්

Date:

එංගලන්තයේ ජේසන් රෝයි හා ඩේවිඩ් මලාන් පන්දුවාර 19.3 කින් වාර්තා කළ වේගවත් ලකුණු 146 ක ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය අපතේ යවමින් දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 27 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

Bloemfontein හි Mangaung Oval ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවෙන් ලද ලකුණු 299ක ඉලක්කය හඹා ගිය එංගලන්තයට පන්දුවාර 44.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 271 ක් පමණයි.

ජේසන් රෝයි ලකුණු 113 ක් පන්දු 91 කින් ලබා ගත්තේ හයේ පහර 4ක් හා හතරේ පහර 11 ක් සමගින්. ඩේවිඩ් මලාන් ලකුණු 59(55) යි. නායක ජොස් බට්ලර් ලකුණු 36 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අන්රික් නොකියා ලකුණු 62 කට කඩුලු 4 ක් දවා ගත් අතර, සිසන්ඩ මගාලා ලකුණු 46 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 298 ක් රැස් කළේ රසී වැන් ඩර් ඩුසේන් ලබා ගත් ලකුණු 111 න් ශක්තිමත් වෙමින්. ඩේවිඩ් මිලර් ලකුණු 53 ක් ද, ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 37 ක් ද, ටෙම්බා බවුමා ලකුණු 36 ක් ද රැස් කලා.

පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...