Watch : එකට ගැටුණු උඩ පන්දුව

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දෙවැනි තරගය මෙරට වේලාවෙන් අද(4) රාත්‍රී 7.30ට ඩුබායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.

එම තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වීමට ඉන්දීය ආරම්භක පිතිකරුවන් සමත් වුණේ පන්දුවාර 5.1 ක් තුළ පළමු කඩුල්ලට ලකුණු 54ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

එම සබදතාවය බිද වැටුණේ නායක රෝහිට් ෂර්මා ලකුණු 28(16)කට දැවී යාමත් සමගයි. හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

හැරිස් රවුෆ් යොමු කළ පන්දුවක් හමුවේ කුෂ්දිල් ශාහ් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙනුයි ෂර්මාට සිය කඩුල්ල අහිමි වුණේ.

එහිදී ෆකාර් සමාන් හා කුෂ්දිල් ශාහ් එකිනෙකා ගැටීමක් ද සිදූ බැවින් මෙම උඩ පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...