රිස්වාන්ගේ සුපිරි ඉනිම ඉන්දියාව පරදා පාකිස්තානයට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ පැවැති දෙවැනි තරගයෙන් ඉන්දියාව පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(4) සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 182 ක දැවැන්ත ඉලක්කය පාකිස්තානය පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී පසු කර ගියා.

යළිත් සුපිරි සටන්කාමී පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු මොහමඩ් රිස්වාන් පන්දු 51කින් ලකුණු 71ක් ලබා ගත්තේ හයේ පහර 2කින් හා හතරේ පහර 6කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

මොහමඩ් නවාස් පන්දු 20 කින් වේගවත් ලකුණු 42 ක් රැස් කරමින් පාකිස්තානයේ හඹා යාමට සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ද සමගින්.

නායක බාබර් අසාම් ලකුණු 14 කටත්, ෆකාර් සමාන් ලකුණු 15කටත් දැවී ගියා. කුෂ්දිල් ශාහ් නොදැවී ලකුණු 14 ක් හා අසිෆ් අලී ලකුණු 16 ක් ලබා ගනිමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, රවී බිෂ්නෝයි, හර්ඩික් පාන්ඩ්යා, අර්ෂ්දීප් සිං හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 181 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

විරාට් කෝලි ලකුණු 60 ක් ලබා ගත්තා. පන්දු 44 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

නායක රෝහිට් ෂර්මා හා කේ.එල් රාහුල් ලකුණු 28 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් ලකුණු 31 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...