Watch : ඉන්දියාව අසරණ කරමින් T20 ලෝක ශූරතාවය දිනා ගන්න තිසර එල්ල කළ හයේ පහර

Date:

ශ්‍රී ලංකාව විස්සයි 20 ලෝක ශූරතාවය ජය ගෙන අදට වසර 10 ක් සපිරෙනවා.

2014 වසරේ අප්‍රේල් 6 වැනිදා, එනම් 2011 වසරේ අප්‍රේල් දෙවැනිදා එක්දින ලෝක ශූරතාවය ඉන්දියාව හමුවේ පරාජයට පත් වී වසර තුනකුත් දින 4 ක් ගත වූ පසුබිමක ශ්‍රී ලංකාව විසින් අසල්වැසි ඉන්දියාවම පරදා අද වැනි දිනක විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වුණා.

පන්දු 58 කින් විරාත් කෝලි ලකුණු 77 ක් ලබා ගනිමින් මීර්පූර්හි පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිම ශක්තිමත් කළ නමුත්, අවසන් පන්දුවාර කිහිපයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක් වූ සුවිශේෂී දක්ෂතාවය හමුවේ ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 130 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉනිම නිමා වීමට පන්දු 13 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි.

කුමාර් සංගක්කාර පන්දු 35 කින් නොදැවී ලකුණු 52 ක් රැස් කරමින් අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. තරගාවලියේ වීරයා බවට පත් වුණේ විරාත් කෝලි.

අවසන් තරගයේ දී තිසර පෙරේරා පන්දු 14 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23 ක්. හයේ පහර 3කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිමට කිසිදු හතරේ පහරක් ඇතුළත් වූයේ නැහැ. එම සුවිශේෂී ඉනිම ද ශ්‍රී ලංකාවට විස්සයි 20 ලෝක ශූරතාවය පළමු වරට දිනා ගැනීමට විශාල දායකත්වය ලබා දුන් බව නොරහසක්.

වසර තුනකට පෙර එම් එස් දෝනි විසින් ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් එක්දින ලෝක ශූරතාවය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත් අයුරින්ම තිසර පෙරේරා ද ඉන්දියාවෙන් ලෝක විස්සයි 20 ශූරතාවය උදුරා ගත්තේ ආර් අශ්වින්ට එරෙහිව හයේ පහරක් එල්ල කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...