පන්දු යවන්නන්ගේ දක්ෂතා හා අභිෂේක්ගේ හා මාක්‍රම්ගේ ප්‍රහාරය හමුවේ හයිදරාබාද් පිලට ජය

Date:

පන්දු යවන්නන්ගේ දක්ෂතා හා අභිෂේක් ෂර්මාගේ වේගවත් පිතිහරඹයත්, ඒඩ්න් මාක්‍රම්ගේ අර්ධ ශතකයත් හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(5) සමත් වුණා.

හයිදරාබාද් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් පිල පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

වේගවත් ආරම්භයක් ඉනිමට ලබා දුන් අභිෂේක් ෂර්මා පන්දු 12 කින් ලකුණු 37 ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 3 ක් සමගින්. පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට සන්රයිසස් පිල කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 78 ක්.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 31 කට දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේයි. ඒඩ්න් මාක්‍රම් පන්දු 36 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 50 ක්. ශහ්බාස් අහ්මඩ් ලකුණු 18 යි. හෙන්රික් ක්ලාසන් නොදැවී ලකුණු 10 ක් හා නිටිෂ් කුමාර් නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමින් සන්රයිසස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 27 කට කඩුල්ලක් දවා ගත් අතර, මොයීන් අලී ලකුණු 23 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් ඉනිම වෙනුවෙන් ශිවම් ඩූබේ ලකුණූ 45 ක් රැස් කළේ පන්දු 24 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

අජින්කෙයා රහානේ ලකුණු 35(30) ක් හා රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 31(23) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, ටී නටරාජන්, පැට් කමින්ස්, ශහ්බාස් අහ්මඩ් හා ජයිදේව් උනඩ්කට් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...