Watch : ඇෆ්ඝනිස්තාන මුල්පෙල වැනසූ ශ්‍රී ලංකාවේ සුපිරි පන්දු යැවීම

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය (Super League Quarter-Final 4) අද(27) පස්වරුවේ ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ඝනිස්තානයට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන යොවුන් පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔවුන්ගේ ඉනිම එක් අවස්ථාවක කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 24ක් ලෙස සටහන්ව තිබූ නමුත්, ලකුණු 26 වන විට ඔවුන්ගේ ඉනිමේ කඩුලු 4ක් දැවී ගියා.

Bilal Sayedi ලකුණු 6කටත්, Nangeyalia Kharote ලකුණු 13කටත්, නායක Suliman Safi එක් ලකුණකටත්, Ijaz Ahmad Ahmadzai  ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා.

පළමු කඩුල්ල ට්‍රෙවීන් මැතිව් විසින් දවා ගත් අතර, සෙසු කඩුලු 3 දවා ගත්තේ විනුජ රන්පුල් විසින්.

රන්පුල් මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා කළ පළමු තරගය මෙය වීම ද විශේෂත්වයක්.

පළමු කඩුලු 4 දැවී ගිය අයුරු –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...