ශ්‍රී ලංකා සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් නොවූ හේතුව ක්‍රිකට් ආයතනය පහදයි

Date:

එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු newswire වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ භානුක රාජපක්ෂ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සදහා තවමත් මුහුණ දී නොමැති බවයි.

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් භානුක ඉදිරියේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සදහා මුහුණ දීමට නියමිත බව ද එම උසස් නිළධාරියා සදහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයෙන් අනතුරුයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යෙදී ඇත්තේ.

Also Read : ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන සංශෝදනය කරන්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...