Watch : ඇෆ්ඝන් ඉනිමේ පළමු පන්දුවෙන්ම සහන් දවා ගත් කඩුල්ල

Date:

ඕමානයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ඇෆ්ඝනිස්තාන A ඉනිමේ පළමු පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායමේ සහන් ආරච්චිගේ අද(27) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 133 ක්.

ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 15 ක් තුළ දැවී ගිය පසුබිමක සහන් ආරච්චිගේ පන්දු 47 කින් නොදැවී ලකුණු 64 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

අනතුරුව පන්දුවට පහර දීමට පිවිසි ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියේ සහන් ආරච්චිගේගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...