ශ්‍රී ලංකාව පරදා නැගී එන ආසියානු ශූරතාවය පළමු වරට ඇෆ්ඝනිස්තානය ජය ගනියි

Date:

ඕමානයේ පැවැති නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම අද(27) සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කරමින්.

මෙය ඇෆ්ඝනිස්තාන කණ්ඩායමක් නැගී එන ආසියානු කුසලාන තරගාවලිය ජය ගත් පළමු අවස්ථාව වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා දෙකකදී මෙම තරගාවලියේ ශූරතාවය දිනා තිබෙනවා.

අද පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 133 ක්.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 15 ක් තුළ බිද වැටුණා. යශෝද ලංකා එක් ලකුණකටත්, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 4කටත්, ලහිරු උදාර ලකුණු 5කටත්, අහන් වික්‍රමසිංහ ලකුණු 4කටත් දැවී ගියා.

එවන් පසුබිමක සහන් ආරච්චිගේ පන්දු 47 කින් නොදැවී ලකුණු 64 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා A කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහර හයක් ඇතුළත්. පවන් රත්නායක ලකුණු 20 ක් හා නිමේෂ් විමුක්ති ලකුණු 23 ක් ලබා ගනිමින් ඔහුට අනගි සහායක් ලබා දුන්නා.

පන්දු යැවීමේ දී Bilal Sami ලකුණූ 22 කට කඩුලු 3 ක් හා AM Ghazanfar ලකුණු 14 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය පන්දුවාර 18.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. (134/3)

පළමු කඩුල්ල ලෙස Zubaid Akbari ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගියේ සහන් ආරච්චිගේගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

කෙසේ වෙතත්, Sediqullah Atal නොදැවී ලකුණු 55(5) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. Darwish Rasooli ලකුණු 24 ක් හා Karim Janat ලකුණු 33 ක් ලබා ගත්තා. Mohammad Ishaq නොදැවී ලකුණු 16 යි.

පන්දු යැවීමේ දී සහන් ආරච්චිගේ, දුෂාන් හේමන්ත හා ඒෂාන් මාලිංග එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...