Watch : අවසන් පන්දුවට එල්ල කළ රාසාගේ හයේ පහර ඩුබායි පිලට ජය ගෙනෙයි

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 තරගාවලියේ 27 වැනි තරගයෙන් අවසන් පන්දුවේ දී විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඩුබායි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ කඩුලු පහකින් පරාජයට පත් වූයේ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් වයිපර්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 171 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී කඩුලු පහක් දැවී සිටියදී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

තරගයේ අවසන් පන්දුවට ජය ගැනීම සදහා ලකුණු හයක් අවශ්‍ය වූ අතර, පන්දුවට පහර දෙමින් සිටි සිකන්ඩ රාසා විසින් අලී නසීර්ට එරෙහිව හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට හිමි කර දීමට සමත් වීම කැපී පෙනුණා. (එම හයේ පහරේ දර්ශන පහතින්)

රාසා පන්දු 45 කින් නොදැවී ලකුණු 60 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් සමගින්. සෑම් බිලින්ග්ස් ලකුණු 57(36) ක් රැස් කළ අතර, දසුන් ශානක ලකුණු 10(11) කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සෑම් කරන් කඩුලු දෙකක් දවා ගත් අතර, මතීෂ පතිරණ ලකුණු 24 කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

තවත් ක්‍රිකට් පුවත් මෙතනින් කියවන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...