“සනත්ගේ වාර්තාව ගැන මම දැනගෙන හිටියේ නැහැ” – පැතුම් නිස්සංක

Date:

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරමින් සනත් ජයසූරිය ලකුණු 189 ක් ලබා තිබූ බව තමා නොදැන සිටි බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

සනත් ජයසූරිය පිහිටුවා තිබූ එම වාර්තාව බිද දමමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට පත් වීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඇෆ්ඝනිස්තානය සමග පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැති පළමු එක්දින තරගයේ දී යි ඔහු එම වාර්තාව පිහිටුවනු ලැබුවේ.

විශේෂත්වය වූයේ එම වාර්තාව බිද දමන අවස්ථාව වන විට සනත් ජයසූරිය ද ක්‍රීඩාංගනයේ රැදී සිටීමයි.

මෙම තරගයේ පළමුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 381 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 339 ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 42 ක ජයක් හිමි වුණා.

තරගයෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේ අදහස් දක්වමින් පැතුම් නිස්සංක කියා සිටියේ තමා අදාළ වාර්තාව පිළිබද නොදැන සිටි බවයි.

කෙසේ වෙතත්, තරගය අතරතුර දී තමාට එවැනි වාර්තාවක් පිළිබද තොරතුරු ලැබුණු බව ද ඔහු කියා සිටියා. (දර්ශන පහතින් නරඹන්න)

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර ඇති පිතිකරුවන් –

  • පැතුම් නිස්සංක – 210* (ඇෆ්ඝනිස්තානයට එරෙහිව 2024 වසරේ දී)
  • සනත් ජයසූරිය – 189 (ඉන්දියාවට එරෙහිව 2000 වසරේ දී)
  • උපුල් තරංග – 174* (ඉන්දියාවට එරෙහිව 2013 වසරේ දී)
  • කුමාර් සංගක්කාර – 169 (දකුණු අප්‍රිකාවට එරෙහිව 2013 වසරේ දී)
  • තිලකරත්න ඩිල්ෂාන් – 161* (බංග්ලාදේශයට එරෙහිව 2015 වසරේ දී)

තවත් ක්‍රිකට් පුවත් මෙතනින් කියවන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...