Watch : අවසන් තරගයේ පළමු පන්දුවාරයේදීත් ස්ටක්ගෙන් සුපිරි පන්දුවක්

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ද සුපිරි පන්දුවක් යොමු කරමින් පළමු පන්දුවාරයේ දී ම කඩුල්ලක් දවා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් අද(26) සමත් වුණා.

චෙන්නායි හී දී ආරම්භ වූ අවසන් තරගයේ දී කොල්කටා පිලේ ප්‍රතිවාදීන් වූ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා දවා ගැනීම සදහායි මිචෙල් ස්ටක් විසින් දෝලනයක් සහිතව එම විශිෂ්ඨ පන්දුව යොමු කළේ.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි අභිෂේක් දැවී ගියේ. පළමු පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී ඔහු එලෙස දැවී යන විට ලබා සිටියේ ලකුණු දෙකක් පමණයි. (දර්ශන පහතින්)

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...