කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට T20 ලෝක කුසලානය අහිමි වෙයි

Date:

ආබාධයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර්ට එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඔබෙඩ් මැකෝයි සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ දිනවල දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සදහා ද මැකෝයි ක්‍රීඩා කරමින් සිටිනවා.

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර දී හෝල්ඩර් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බව සදහන්. ඔහු ප්‍රාන්ත තරගාවලියේ දී නියෝජනය කළේ Worcestershire කණ්ඩායමයි.

හෝල්ඩර්ගේ ආබාධය කුමක්ද යන්න සම්බන්ධයෙන් හා එය සුව වීමට කොපමණ කලක් ගතවේද යන්න සම්බන්ධයෙන් කොදෙව් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තොරතුරු සදහන්ව නැහැ.

මේ අතර, ජූනි පළමු වැනිදා කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා අතිරේක ක්‍රීඩකයින් පස් දෙනෙකු නම් කිරීමට ද එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

West Indies squad for T20 World Cup

Rovman Powell (c), Alzarri Joseph (vc), Johnson Charles, Roston Chase, Shimron Hetmyer, Shamar Joseph, Brandon King, Nicholas Pooran, Shai Hope, Andre Russell, Romario Shepherd, Obed McCoy, Akeal Hosein, Gudakesh Motie, Sherfane Rutherford

Traveling reserves: Kyle Mayers, Matthew Forde, Fabian Allen, Hayden Walsh, Andre Fletcher

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...