මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කඩුලු දෙකක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ අද(29) සමත් වුණා.
අද රාත්රියේ දී අහ්මදාබාද් හී දී ආරම්භ වූ අවසන් තරගයේ දී ඔවුන්ගේ ප්රතිවාදීන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා.
සායි සුදර්සන් ලකුණු 96 ක් රැස් කළේ පන්දු 47 කින්. ව්රිධිමන් සහා ලකුණු 54 යි.
පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 44 ක් ලබා දෙමින්. ඔහු සිය කඩුලු දෙකම දවා ගත්තේ ඉනිමේ අවසන් පන්දුවාරයේ දී යි.
ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ සායි සුදර්සන් හා රෂිඩ් ඛාන් යන පිතිකරුවන්.
එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න – (දර්ශන අනුග්රහය – BCCI/IPLT20)

