Watch : අයර්ලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල රමේෂ්ට ගොදුරු වූ හැටි

Date:

අයර්ලන්තය සමග ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද (27) දිනයේ දී අයර්ලන්ත දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් වුණා.

ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ජේම්ස් මැකලම්. ඔහු දැවී යන විට ලකුණු 10 ක් ලබා සිටියා.

මෙන්ඩිස් දෙවැනි ඉනිමේ දී යොමු කළ සිය පළමු පන්දුවාරයේ දෙවැනි පන්දුවෙනුයි එම කඩුල්ල බිද වැටුණේ. (දර්ශන පහතින්)

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 492 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...