මැතිව්ස්ගේ ශතකයෙන් පසු ශ්‍රී ලංකාව පළමු ඉනිම අත්හිටුවයි

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(27). දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 704 ක් ලබා සිටියදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 492 ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 212 ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 245 ක් හා නිශාන් මදුෂ්ක ලකුණු 205 ක් ලබා ගත්තා. දිමුත් කරුණාරත්න ලකුණු 115 යි.

ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 114 කින් ලකුණු 100 ක් ලබා ගැනීමත් සමගයි ශ්‍රී ලංකාව සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ. දිනේෂ් චන්දිමාල් ලකුණු 13 ක් ලබා සිටියදී සිදු වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 12 යි.

පන්දු යැවීමේ දී ග්‍රැහැම් හියුම්, ඇන්ඩි මැක්බ්‍රයන් හා කර්ටිස් කැම්පර් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...