Watch : අධික රථ වාහන තදබදය නිසා එංගලන්ත ක්‍රීඩකයින් පාපැදියෙන් ක්‍රීඩාංගනයට ආ හැටි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයට ලන්ඩන් නුවර පැවැති අධික රථවාහන තදබදයෙන් ඊයේ(3) බලපෑම් එල්ල වුණා.

ඒ හේතුවෙන් තරගයේ ආරම්භය ද ප්‍රමාද වූ අතර, එංගලන්ත ක්‍රීඩකයින්ට කණ්ඩායම් බස් රථය වෙනුවට පාපැදි භාවිතා කරමින් ක්‍රීඩාංගනයට පැමිණීමට සිදු වීම විශේෂත්වයක්.

රථවාහන ආලෝක සංඥා බිඳ වැටීමක් සහ පාලමක් වසා දැමීම හේතුවෙන් මෙලෙස දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබූ බව සදහන්.

ඒ අනුව අදාළ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මිනිත්තු 40 කින් ප්‍රමාද කිරීමට සිදු වුණා.

ක්‍රීඩකයින් පාපැදිවලින් ක්‍රීඩාංගනයට පැමිණි දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...