RCB ජයග්‍රහනයේ සැමරුම් මැද පුද්ගලයින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජය ගැනීමත් සමග බැංගලූරුහි පැවැති සැමරුම් අතරතුර සිදු වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තවත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් තෙරපීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය විසින් RCB කණ්ඩායමේ ජයග්‍රහනය වෙනුවෙන් පවත්වන ලද සැමරුමක් සදහා එම් චින්නස්වාමි ක්‍රීඩාංගනය අසලට පිරිසක් රැස්වූ අවස්ථාවේදී මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.

තුවාල ලැබූ සහ සිහිසුන් වූ පුද්ගලයින් පොලිසියේ මැදිහත් වීමෙන් රෝහල් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කර්නාටක නියෝජ්‍ය ප්‍රධාන ඇමති DK Shivakumar සදහන් කළේ රැස් වූ පිරිස පාලනය කළ නොහැකි වූ බවයි.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...