Watch : 100 වැනි IPL කඩුල්ල ලෙස කෝලිව තරගයේ පළමු පන්දුවෙන්ම බෝල්ට් දවා ගත් හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගයේ පළමු පන්දුවෙන්ම දැවී යාමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු විරාට් කෝලිට අද (23) සිදු වුණා.

බැංගලූරුහි M.Chinnaswamy ක්‍රීඩාංගනයේ දී අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වූ අතර, පළමුව පන්දු යැවීමටයි රාජස්ථාන් නායක සංජු සැම්සන් තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවෙන්ම බිද වැටුණා.

ඒ, ට්‍රෙන්ට් බෝලට් යොමු කළ පන්දුවක් හමුවේ විරාත් කෝලි කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීම හේතුවෙන්.

එය ට්‍රෙන්ට් බෝල්ට් දවා ගත් තම 100 වැනි අයි.පී.එල් කඩුල්ල වීම ද විශේෂත්වයක්.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...