Watch : මැකලම්ගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රභාත් යොමු කළ සුපිරි දග පන්දුව මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (17) දිනයේ දී අයර්ලන්ත පළමු ඉනිමේ 5 වැනි කඩුල්ල සුපිරි දග පන්දුවකින් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

මනා ලෙස පන්දුවට පහර දෙමින් සිටි ආරම්භක පිතිකරු James McCollum ගේ කඩුල්ල දවා ගැනීම සදහා ඔහු එලෙස විශිෂ්ඨ පන්දුවක් යොමු කරනු ලැබුවේ. (දර්ශන පහතින් නරඹන්න)

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී යන විට ඔහු පන්දු 85 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 35 ක්.

අයර්ලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 85 ක් ලෙස සටහන්ව තිබියදීයි.

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදීයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශතක 4 ක් වාර්තා වුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 140 ක්. දිනේෂ් චන්දිමාල් නොදැවී ලබා ගත් ලකුණු ප්‍රමාණය 102 ක්. සධීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් පන්දු 114 කින් ලකුණු 104 ක් ලබා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...