Watch : විශ්වගේ පළමු පන්දුවාරයෙන්ම කඩුලු 2ක් දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (17) දිනයේ දී අයර්ලන්ත පළමු ඉනිමේ පළමු කඩුලු 2 සිය පළමු පන්දුවාරයෙන්ම දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම Murray Commins ලකුණු නොලබා දැවී ගිය අතර, එම පන්දුවාරයේ 5 වැනි පන්දුවෙන් නායක Andy Balbirnie ලකුණු 4කට දැවී ගියා.

Commins දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. short leg හි පන්දු රකිමින් සිටි නිශාන් මදුෂ්ක රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙන් Balbirnie දැවී ගියා.

පළමු කඩුල්ල ලකුණු බින්දුවේ දී ද, දෙවැනි කඩුල්ල ලකුණු 4 දී ද බිද වැටුණා. (කඩුලු දෙකේ දර්ශන පහතින්)

තේ පානය සදහා තරගය නතර කරන විට අයර්ලන්තය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 27 ක්.

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදීයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශතක 4 ක් වාර්තා වුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 140 ක්. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 281 (356) ක සබදතාවයක් ගොඩ නැගුණා.

අද දිනයේ දී දිනේෂ් චන්දිමාල් සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලබා ගත් ලකුණු ප්‍රමාණය 102 ක්. සධීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද සමත් වූ අතර, ඔහු පන්දු 114 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. චන්දිමාල් හා සධීර අතර 7 වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 183 (215) ක්.

පන්දු යැවීමේ දී Curtis Campher කඩුලු 2 ක් ද, Mark Adair, Andy McBrine, Ben White හා George Dockrell කඩුල්ල බැගින් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...