Watch : බලාපොරොත්තු පොදි බැදගෙන ආ මාක්‍රම්ට පළමු පන්දුවෙන්ම වුණ දේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව නායක ඒඩ්න් මාක්‍රම්ට අද (7) සිදු වුණා.

ඒ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ දී ලක්නව් හී දී ආරම්භ වූ තරගයේ දී කෘෘනල් පාන්ඩ්යා යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ මාක්‍රම් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ලකුණු 50 දී බිද වැටීමෙන් පසුව පිටියට පිවිසි මාක්‍රම්ට පළමු පන්දුවෙන්ම ආපසු ක්‍රීඩාගාරය බලා හැරී යාමට සිදු වුණේ සන්රයිසස් ඉනිම ද අවධානමකට ලක් කරමින්.

මාක්‍රම් නෙදර්ලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේ දී ලකුණු 175 ක් ලබා ගැනීමට සමත් වූ බැවින් මෙම තරගයේ දී ද ඔහු ඉහළ දක්ෂතා දක්වනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් පසු වූ පසුබිමකයි ඔහු පළමු පන්දුවෙන්ම මෙලෙස දැවී ගියේ.

මාක්‍රම්ගේ කඩුල්ල දවා ගත් පාන්ඩ්යා මෙම ඉනිමේ දී ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

සන්රයිසස් කණ්ඩායම මෙම තරගයේ දී කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 121 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...