Watch : පිට පිට තෙවැනි තරගයේදීත් සූර්යකුමාර් පළමු පන්දුවෙන්ම දැවී ගිය හැටි

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ද පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී යාමට ඉන්දීය මැදපෙල පිතිකරු සූර්යකුමාර් යාදෙව්ට අද(22) සිදු වුණා.

චෙන්නායි හී දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 269 ක් රැස් කළා.

මිචෙල් මාෂ් ලකුණු 47 ක්, ඇලෙක්ස් කෙරී ලකුණු 38 ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 33 ක් රැස් කළා. පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා හා කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉන්දීය ඉනිමේ අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි සූර්යකුමාර් යාදෙව් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට සමත් වුණේ ඇෂ්ටන් ඒගාර්.

ඒගාර් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි සූර්යකුමාර් දැවී ගියේ. (දර්ශන පහතින් නරඹන්න)

පළමු එක්දින තරගයේ දී හා දෙවැනි එක්දින තරගයේ දී මිචෙල් ස්ටක්ගේ පන්දු හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් ඔහු දැවී ගිය අතර, එම තරග දෙකේ දී ද ඔහු දැවී ගියේ මුහුණ දුන් පළමු පන්දුවෙන්මයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...