එක්දින තරගාවලියෙන් ඉන්දියාව පරදා ඔස්ට්‍රේලියාව ලෝකෙන්ම එක වෙයි

Date:

ඇඩම් සම්පාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දීය කණ්ඩායම පරදා තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(22) සමත් වුණා. මෙම ජයත් සමග ඔස්ට්‍රේලියාව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ඉන්දියාව දෙවැනි ස්ථානයට ඇදදමමින්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 270 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවට පන්දුවාර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 248 ක් පමණයි.

රෝහිත් ෂර්මා හා ෂුබ්මන් ගිල් ලකුණු 65 ක සම්බන්ධතාවයක් පළමු කඩුල්ලට ගොඩ නගමින් සාර්ථක ආරම්භයක් ඉන්දියාවට ලබා දුන් අතර, ෂර්මා දැවී ගියේ ලකුණු 30(17) ක් ලබා සිටියදී යි. ෂුබ්මන් ලකුණු 37 යි.

අනතුරුව විරාත් කෝලි හා කේ.එල් රාහුල් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 69 (93) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. රාහුල් ලකුණු 32 කට දැවී ගිය අතර, අක්සාර් පටෙල් ලකුණු දෙකකට දුවද්දී දැවී යාම ඉන්දීය ඉනිමට දැඩිව බලපානු ලැබුවා.

විරාත් කෝලි ලකුණු 54 ක් රැස් කර සිටියදී දැවී යාමෙන් පසුව තරගයේ පාලනය ඔස්ට්‍රේලියාව දෙසට නතු වුණා. කෝලිගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි සූර්යකුමාර් යාදව් පළමු එක්දින තරග දෙකේ දී මෙන් මෙම තරගයේ දී ද පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

හර්ඩික් පාන්ඩ්යා ලකුණු 40 ක් ද, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 18 ක් ද, මොහමඩ් ෂාමි ලකුණු 14 ක් ද ලබා ගත්තා. කුල්දීප් යාදව් ලකුණු 6 කට දුවද්දී දැවී යාමත් සමග තරගයේ ජය ඔස්ට්‍රේලියාවට හිමි වුණා.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 45 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ඇෂ්ටන් ඒගාර් ලකුණු 41 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

චෙන්නායි හී දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 269 ක් රැස් කළේ පන්දුවාර 49 ක් අවසානයේ දී යි.

මිචෙල් මාෂ් ලකුණු 47 ක්, ඇලෙක්ස් කෙරී ලකුණු 38 ක් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 33 ක් රැස් කළා. පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා හා කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...