මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය 7 වැනි කඩුල්ල දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(21) සමත් වුණා.
ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව අද රාත්‍රියේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙවර තරගාවලියේ 33 වැනි තරගයේ දී යි.
තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තා. තිලක් වර්මා නොදැවී ලකුණු 51යි.
පන්දු යැවීමේ දී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මුකේෂ් චෞද්රි ලකුණු 19කට කඩුලු 3ක් බිද හෙලුවා. ඩ්වේයන් බ්රාවෝ ලකුණු 36කට දවා ගත් කඩුලු ගණන 2ක්.
මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන්ට ලකුණු 35ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.
ඔහු විසින් මෙම තරගයේ දී දවා ගත්තේ මුම්බායි පිලේ ප්‍රහාරාත්මක පිතිකරු කයිරන් පොලාඩ්ගේ කඩුල්ලයි.
පන්දු යවන්නාට සෘජුවම පිටුපසින් හතරේ සීමාව අසළ රදවා සිටි ශිවම් දූබේගේ අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි පොලාඩ් දැවී ගියේ.
ඒ වන විට ඔහු පන්දු 9කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 14ක්.
පොලාඩ්ගේ කඩුල්ල දැවී ගිය අයුරු පහතින් නරඹන්න –
https://twitter.com/cric12222/status/1517169941417721856

