වසරේ විස්ඩන් ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයා රූට් ; වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනාත් නිවේදනය කෙරේ

Date:

එංගලන්ත පිතිකරු ජෝ රූට් 2021 වසරේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩකයා (Leading Cricketer) ලෙස සුප්‍රකට විස්ඩන් සගරාව විසින් නම් කර තිබෙනවා

31 හැවිරිදි ඔහු පසුගිය වසරේදී තරග 15ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 1,708 ක්.

සුපුරුදු පරිදි විස්ඩන් සගරාව විසින් වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනා ද නම් කර තිබෙනවා.

ඒ අතරට එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් ද ඇතුළත්.

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සහ ආරම්භක පිතිකරු රෝහිට් ෂර්මා ද වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනා අතරට නම් කර තිබෙනවා.

ඊට ඇතුළත් සෙසු දෙදෙනා වන්නේ නවසීලන්ත පිතිකරු ඩෙවෝන් කොන්වේ සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමේ නායිකා Dane van Niekerk.

පාකිස්තාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් වසරේ 20යි 20 ක්‍රීඩකයා ලෙස විස්ඩන් සගරාව විසින් නම් කර තිබෙනවා.

වසරේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ Lizelle Lee.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...